නවතම පුවත්

හරිත ආර්ථිකයක් සඳහා ප්‍රංශයේ සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබේ.

එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ හරිත පරිවර්තනයක් සිදුකිරීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගෙන තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තවද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ බැඳීම ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපතිවරයාට ආරාධනයක් සිදුකරමින් පවසා ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්වන ලෙසය.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටින අතර ඊට සමගාමීව මෙම හමුව සිදුවී ඇත.

රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ඊයේ (01) ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්