සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබේ.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද කරන ලද නියෝගයකට අනුවයි.
විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද (23) කැඳවනු ලැබීය.
පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල අද දිනයේදී නිසියාකාරව සංයුක්ත වී නොමැති හෙයින් එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.