නවතම පුවත්

හලාවත – වෙන්නප්පුව – නාත්තන්ඩිය ලොක්ඩවුන් කළ යුතුයි – ආණ්ඩුකාර

අසංක

අසංක

හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශ හුදෙකලා තත්ත්වයට පත් කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අවධාරණය කර සිටී.

හලාවත ප්‍රදේශයේ බහුලව සිදු කරගෙන යන ධීවර කර්මාන්ත සහ ඉස්සන් වගාව හේතු කොටගෙන මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිර යාමේ අවදානමක් මේවනවිට පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් මේ සඳහා වන නිර්දේශ ලබාදී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටී

නාත්තන්ඩිය ප්‍රදේශයේ ඉස්සන් කර්මාන්ත ශාලාවක සේවකයින් 48 දෙනෙකු සමඟ මේවනවිට තවත් විශාල පිරිසකට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද, මෙම ඉස්සන් කර්මාන්තය සඳහා හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වලින් කම්කරු සේවකයන් පැමිණෙන බැවින් එවැනි ආසාදිත පුද්ගලයන්ගෙන් වෛරසය පැතිර යාම පාලනය සඳහා මෙම හුදෙකලා කිරීම අත්‍යාවශ්‍යම බවද ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්