නවතම පුවත්

හවුල්කාර පක්‍ෂ කලකිරීමෙන් – ආණ්ඩුව තුලම ප්‍රශ්ණ විසඳගන්නා ලෙස ජනපති දැනුම්දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යම් කලකිරීමකින් සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි ..

කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයේ කොටස් පවරාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇත .

මෙම අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීමට ආණ්ඩුවේ සියලුදෙනා කඩිනමින් පියවර ගත යුතු බව  අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වාදේ..

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වින . එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය පිළිබඳ එහිදී සාකච්ඡා නොවූ බවයි.

එම සාකච්ඡාවට එක්වූ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුද විවේචනය නොකර ආණ්ඩුව තුළදී පමණක් ඒවා විසඳා ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්