මෙරටට ආනයනය කරන ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම මසකම එක් ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැලසුම් කර ඇත.
ගෙවුනු මාස 08 තුළ ආනයනය කරන ඖෂධ 15 කට අධික සංඛ්‍යාවක් දේශීයව නිෂ්පාදනය කර ඇති බව ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි සභාපති උත්පල ඉන්ද්‍රවංශ මහතා අප වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.
‘අලුත් රටට – අලුත් බෙහෙත්’ යන වැඩසටහන යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම වැඩපිලිවෙල යටතේ ඉදිරියේදී ඖෂධ අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසීය.