ලොව සෑම රටකම ජනතාවට ,කොවිඩ් එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය හා මානුෂීය සංවිධාන රැසක් , ලොව ප්‍රබල රටවල්වල නායකයිගෙන් ඉල්ලා සිටී .
කොරෝනා වසංගතය හමුවේ මේ වනවිට මුළු මහත් ලෝකයම තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බවත් ඒ අනුව මේ මොහොතේ ලොව සියලු නායකයින් එකමුතුව කොවිඩ් එන්නත බෙදාහැරීමේ කටයුතු සාධාරණ හා සමාන ආකාරයකින් ක්‍රියාත්මක කිරීම තහවුරු කල යුතු බවත් මෙම ජාත්‍යන්තර සංවිධාන , විශේෂ ඒකාබද්ධ ප්රකාශනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත .
මේ වනවිට ලොව සෑම රටක්ම පාහේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින බැවින් එම රටවල් තුල මෙන්ම රටවල් අතරද සමාන ආකාරයකට එන්නත් බෙදී යා යුතු බවත් එසේම ආධාර හා දැනුම හුවමාරු කරගැනීමද ඉතා වැදගත් බවත් මෙම ප්රකාශනයේ දැක්වේ.
ලොව දිළිඳු රටවල් වෙත එන්නත ලබාදීම සඳහා මෙහිදී විශේෂ අවධානයක් යොමු කල යුතු බවත්, මෙම ප්රකාශනයේ දක්වා ඇත .
ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතරව , යුනිසෙෆ් සංවිධානය , රතු කුරුස සංවිධානය , එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබඳ සංවිධානය ,මෙන්ම ගෝලීය ඇන්ග්ලිකානු පල්ලිය අතුල්ලු විවිධ ආගමික සංවිධාන කිහ්පයක්ද මෙම ප්රකාශනයට අත්සන් තබා ඇත .