හැරමිටියෙන් හරි ඇවිත් මම ආණ්ඩුව ගන්න සහය වෙනවා – චන්ද්‍රිකා

Picture of අසංක

අසංක

“අපේ නායකයෝ හොරකං කළේ නැහැ. ඉන්න අයව පන්නලා අපි ආණ්ඩුව ගන්න මම හැරමිටියෙන් හරි ඇවිල්ලා සහයෝගය දෙනවා” යැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුවේදී ඇය මේ බව කියාසිටියා ය.