නවතම පුවත්

හිඟයක් නැතුව පොල්තෙල් බෝතලයක් 450ට දෙන්න දේශීය නිෂ්පාදකයෝ සූදානම්

අසංක

අසංක

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු ප්‍රමිතියෙන් යුතු දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450ක පාලන මිලකට සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

හිඟයක් නොමැතිව රු 450 මිලට පොල්තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග වෙළඳ අමාත්‍යාංශය ඉදිරියේ දී ගිවිසුමකට එළඹෙන බව ද අමාත්‍යවරයා කීය.

අද (12) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

“මේ අවුරුද්ද ඉවර වෙනකල් පිරිසිදු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු දේශීයව නිෂ්පාදනය කරන පොල් තෙල් බෝතලයක් කවර වෙනස්කම් ඇති වුණත් රු 450කට සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා අලෙවි කරනවා. ඒ ගිවිසුමට අපිට එලඹෙන්න පුළුවන්. එතකොට මේ වර්ෂය නිමවෙන තෙක් පොල් තෙල්වල මිලේ ඉහළ යෑමක් සිදුවන්නේ නෑ. කිසිදු හිඟතාවයක් නොමැතිව රු 450 මිලට පොල් තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග අපි ඉදිරියේ දී ගිවිසුමකට එනවා.“

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්