රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25කට අධික සංඛ්‍යාවක් කඩිනමින් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මේ අනුව හිඟව පැවති ජල භීතිකා ප්‍රතිශක්තීකරණ එන්නත් තොගයක් මේ වන විටත් මෙරටට ආනයනය කර ඇති අතර තවත තොගයක් මෙම සති අන්තයේ ආනයනය කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ හිඟව පැවති ඖෂධ වර්ග 15ක් අතුරින් 7ක් කඩිනමින් ගෙන්වීම සඳහා පියවර ගෙන ඇත.
ඉන් ඖෂධ වර්ග 4ක් මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවද අමාත්‍යංශය සඳහන් කර සිටී.
මේ අතර වකුගඩු බද්ධ කළ රෝගීන් සඳහා ලබා දෙන හිඟව පැවති ඖෂධය ද මේ වන විට දිවයිනට ගෙන්වා ඇති අතර ඒවා රෝහල් වෙත ලබා දීමද ආරම්භ කර තිබේ.
පැතුම් වික්‍රමරත්න