නවතම පුවත්

හිඟුල බුදුකුටිය බිඳ රුපියල් 60ක් සොරාගෙන පැන්න මත්කුඩු ලෝලියා අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
මාවනැල්ල හිඟුල බුදු පිළිමය පිහිටා ඇති කුටියේ වීදුරුව බිඳ දමා ඇත්තේ එහි ඇති මුදල් සොරා ගැනීමට ගිය මත්කුඩු ලෝලියකු විසින් බව අනාවරණය වෙයි.
එම මත්කුඩුලෝලී සැකකරු පෙරේදා (4) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළි වී ඇත.
30 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචි කරුවෙක් වන අතර විහාරස්ථානවල පිං කැට පිං කැන් කැට කඩා මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් ද ඔහුට මීට පෙරද  චෝදනා එල්ල වී ඇත .
 ඔහු පවසා ඇත්තේ පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් එහි බොහෝ වේලාවක් සිට යළි හිඟුලට පැමිණි අවස්ථාවේදී රාත්‍රී 11.50ට පමණ  මෙම ස්ථානයට පැමිණි බවත් මාර්ගයේ කිසිවකු නොසිටීම නිසා එහි මුදල් සොරා ගැනීමට යාමේදී වීදුරුව බිඳී ගිය බවත් සැකකරු පවසා ඇත.
එහි තිබූ රුපියල් හැටක් රැගෙන සැකකරු එතනින්  ගොස් තිබේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි