නවතම පුවත්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු ඊයේ දිනයේදී ඇමෙරිකාවේ සිට යළිත් ශ්‍රී ලංකාවට පැමිණි අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායනය සඳහා යොමුව තිබේ.

මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම සවස ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. මේ වන විට මුදල් අමාත්‍යධුරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙමින් පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතව පවතී.

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් අඩුකරනු ඇතැයි වාර්තා වෙයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්