නවතම පුවත්

හිටපු ජනපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කර සිටී .

එම වාර්තාව හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන ලෙස කාදිනල් හිමිපාණන් එහිදී  අවධාරණය කර සිටියේය .

පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුනු අතර එය අවසානයේ  කාදිනල් හිමිපාණන් මාධ්‍ය වෙත මෙම  අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසීය ,

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ දස දෙනකු විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ගැනීමට පියවර

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරුදින ප්‍රහාරයට විවිධ අයුරින් සම්බන්ධ වී  ඇතැයි කියන අන්තවාදී කණ්ඩායම්වල දස දෙනකු විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ගැනීමට පියවර යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

මෙසේ ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ඕස්ට්‍රෙිලියාව,ඩුබායි හා කටාර් රාජ්‍යයන්හි සිටින දස දෙනකු බව ද වීරසේකර මහතා මෙහිදී පැවසීය ..

එම රටවල ආරක්‍ෂක අංශවලද සහයෝගය සහිතව මෙම කටයුතු ක්රියාතක කරන බවද ඒ මහතා පැවසීය

මෙම පිරිස එම රටවල සිට විවිධ අන්තවාදි අදහස් පතුරුවා ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන  බව ද ඇමැතිවරයා සඳහන් කර සිටියේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්