නවතම පුවත්

හිටපු LTTE කොටි පිරිසක් යළි ස්විස් අධිකරණයට

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

බෙදුම්වාදී දෙමළ කොටි යනු අපරාධ කණ්ඩායමක් යන්න තීරණය කිරීමට ස්විස් ෆෙඩරල් අධිකරණයට සිදුව තිබේ.

ඒ ස්විස්ටර්ලන්ත නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී දෙමළ කණ්ඩායම් සාමාජිකයන් 13 දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද අධිචෝදනා සැලකිල්ලට ගනිමිනි

ඔවුන් අවිආයුධ මිලදී ගැනීඅ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් සැපයූ බවට චෝදනා ලබමින් විභාග වූ නඩුවකට අදාළව දඬුවම් ලැබුවේ පසුගිය වසරේදී ය.

එම නඩු තීන්දුවේදී මෙම සැකකරුවන් ‘සාපරාධී කණ්ඩායමකට සම්බන්ධ වී සහය ලබාදුන් බවට වැරදිකරු නොවිය යුතු’ බවට ප්‍රකාශ කෙරිණි.

මෙම තීන්දුව සම්බන්ධයෙන් යළි කරුණු මතුකරමින් නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇත.

වසර 9ක් තිස්සේ කරන ලද විමර්ශනයකින් තහවුරු වී තිබුණේ සැකකරුවන් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTCC) වෙත මුල්‍ය සහය දැක්වූ බවය.

2018 ජුනි මාසයේ ෆෙඩරල් අපරාධ අධිකරණය විසින් එල්.ටී.ටී.ය. සහ WTCC ය අතර ඇති සම්බන්ධතාව සොයාගත්ත ද එය ප්‍රමාණවත් පරිදි තහවුරු කිරීමට හැකිවූයේ නැත.

LTTEය අපරාධ කල්ලියක් බවට අවධානය යොමු කළ හැකි තරම් ශක්තිමත් පදනමක් එම සාක්ෂිවලින් මතු කර නොතිබිණි.

කෙසේවෙතත් නඩු තීන්දුවේදී 5 දෙනෙකුට
කොන්දේසි සහිත සිර දඬුවම් නියම වී තිබුණේ මූල්‍ය වංචා සහ ව්‍යාජ ලිපිගොනු සැකසීම යන චෝදනා යටතේයි.

නීතිපතිවරයා විසින් එම පුද්ගලයන්ට එරෙහිව යළිත් චෝදනා ගොනුකිරීමත් සමග LTTEය අපරාධ කණ්ඩායමක් බවට තීන්දුවක් ලබාදීම පිළිබඳ ෆෙඩරල් අධිකරණය හමුවේ විමසා බැලෙනු ඇත.

ස්විස්ටර්ලන්තයේ බෙලින්සෝනා ෆෙඩරල් අධිකරණය ඉදිරිපිට කොටි හිතවාදීහු විරෝධතා පැවැත්වූ බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්