නවතම පුවත්

හෙට-අනිද්දාට රිෂාඩ් එවන්නැයි පාර්ලිමේන්තුව දැනුම් දෙයි

අසංක

අසංක

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට (22) සහ අනිද්දා (23) සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

එම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතද යොමු කර ඇත.

අද (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත්කළ නියෝගයකට අනුව වේත්‍රධාරීවරයා මෙම පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී රිෂාඩ් බදියුදීන් මහතාව හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැසවීම්වලට සහභාගී කරවියයුතු බවට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.

එබැවින් මන්ත්‍රීවරයා හෙට සහ අනිද්දා දිනයන්හිදී පෙරවරු 10 ට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වන බවද එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සැළසිය යුතු යැයි පක්ෂ නායකයන් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා මෙම තීරණය ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්