හෙට අනිද්දාට වැස්ස වැඩියි

Picture of අසංක

අසංක

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් සහ නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල හෙට (08) සහ අනිද්දා (09) යන දිනවලදී වැසි තත්ත්වය තවදුරටත්‌ වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්‌ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලන්‌ ඇතැම්‌ ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

එමෙන්ම වයඹ සහ උතුරු පළාත්වලත්‌ මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්‌ ඇතැම්‌ ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ජනතාව ගතයුතු ක්‍රියා මාර්ග ලෙස කාලගුණ විද්‍යාඥයන් දන්වා සිටින්නේ ගිගුරුම්‌ සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකංලික තද සුළංවලින්‌ සහ අකුණු මඟින්‌ සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දිවයින ආසන්නයේ පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන්‌ මෙම වැසි වර්ධනය වීමට බලපා ඇති බව ඔවුහු කියාසිටිති.