මෙම වසරේදී මෙරටට ළඟාවන පළමු ගල් අඟුරු නෞකාව හෙට (5) දිනයේදී මෙරටට පැමිණෙන බව ලංකා ගල් අඟුරු සමාඟමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.
එම නෞකාව මගින් ගල් අඟුරු මෙට්ට්රක් ටොන් 60,000 මෙරටට රැගෙන එයි.
මෙම ගල් අඟුරු නෞකාව මෙරටට පැමිණීමෙන් පසුව තවත් ගල් අඟුරු නෞකා 7 වැනිදා හෝ 8 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතය.
මෙම මස අවසන්වන විට මෙරටට ගල් අඟුරු නෞකා 6ක් ආනයනය කිරීමට සැලසුම්කර ඇති බව ලංකා ගල් අඟුරු සමාඟමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා අවධාරණය කළේය.