නවතම පුවත්

යාල බලන්න එන සංචාරකයන්ට ටිකට් වලට ඩොලර් වලින් ගෙවන්න පහසුකම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබිනි.

ඒ අනුව මෙම වැඩ පිළිවෙළ මෙම  ජනවාරි මාසය තුළ ආරම්භ කරන බවත්, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

මේ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණෙන බැවින් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අලුතින් ඉදි කරන ලද සංචාරක බංගලා දෙකක වැඩ කටයුතු මේ වනවිට අවසන්ව ඇති බැවින් ඒවා සංචාරකයින් සඳහා ලබා දීම මෙන්ම මධ්‍යාහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරයේ සංචාරය කිරීම අත්හිටුවන බැවින් එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදි කෙරෙන විවේක ස්ථානයේ ඉදි කිරීම් කටයුතු වහා අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්