හෙට නැකතට සිටුවන්න මහින්දගෙන් මහින්දට සුදු සඳුන් තෑග්ගක්

Picture of අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්‌ හෙට (16) ට යෙදෙන පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන්‌ පැළයක්‌ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන්‌ නිවසේ දී අද (15) දින ප්‍රදානය කර තිබේ.

සිංහල දෙමළ අලුත්‌ අවුරුදු නැකත්‌ චාරිත්‍රයේ පැළ සිටුවීම හෙට (16) දින පූර්වභාග 6.40 නැගෙනහිර බලා සිදුවේ.

මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්ස පිහිටී නිවස කේන්ද්‍ර කර ගනිමින්‌ පැවැත්‌ වේ.

මෙයට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ නැකත්‌ චාරිත්‍රය ඉටු කිරීමට නියමිතය.