නවතම පුවත්

පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පක්ෂ අභ්‍යන්තරයේ පවතින මත ගැටුම් හේතුවෙන් දැනට අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂවල ක්‍රියාකාරීත්ව තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එවැනි පක්ෂ 6ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

එම පක්ෂවල ලේකම් ධුර, සභාපති ධුර ඇතුළු තනතුරු සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හමුවේ නීතිමය ගැටලු මතු වී ඇති බැවින් එම පක්ෂ අදාළ ගැටලු විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ, එම අධිකරණ කටයුතු අවසන් වනතෙක් අදාළ පක්ෂ තාවකාලිකව අක්‍රිය කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේ ය.

, අදාල පක්ෂවලට අගතියක් වන බැවින් එම පක්ෂවල නම් මේ මොහොතේ  හෙළි කළ නොහැකි බවද ඒ මහතා මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්