හෙට පැය 5කට වැඩි විදුලි කප්පාදුවක් – වේලාවන් මෙන්න..

Picture of අසංක

අසංක

හෙට (28) දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැය 5කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V,W ඛාණ්ඩ යටතේ වන ප්‍රදේශ සඳහා5පැය 5 යි මිනිත්තු 15 ක් කප්පාදු කෙරේ.

ඒ පෙ.ව. 8.30 සිට ප.ව. 4.45 දක්වා පැය 2යි මිනිත්තු 45ක් සහ සවස 4.45 සිට රාත්‍රී 9.45 දක්වා පැය 2ක් ලෙසිනි.

A,B,C ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 40ක් විදුලිය හෙට කප්පාදු කෙරෙනු ඇත.

ඒ පෙ.ව. 8.30 සිට සවස 4.30 දක්වා පැය 2 යි විනාඩි 40 යි, සවස 4.30 සිට 10.30 දක්වා පැය 2 ක් ලෙසින් ය.