හෙට සිට දුම්රිය වැඩ කළත් මේ තැන්වල නැවතුම් නෑ

Picture of අසංක

අසංක

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය හෙට ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවනය යළි සුපුරුදු පරිදි යථාතත්වයට පත් කිරීමට නියමිතය.

එහෙත් දැනට හුදෙකලා ඇති ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව පවතින දුම්රිය ස්ථානවල දුම්රිය නෝනවත්වන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එලෙස දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන පහත දැක්වේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දෙමටගොඩ, කැළණිය, වනවාසල, එඬේරමුල්ල උප දුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වන්නේ නැත.

එමෙන්ම පුත්තලම මාර්ගයේ පේරලන්ද, ජා-ඇළ, තුඩැල්ල, කුඩහකපොල යන දුම්රිය ස්ථාන ද  දුම්රිය නොනවත්වයි.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර සහ පින්වත්ත දුම්රිය ස්ථාන ද, කැළණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ කෝට්ටේ පාර දුම්රිය ස්ථානවල ද දුම්රිය නවත්වනු නොලැබේ.

උතුරු මාර්ගයේ  කුරුණෑගල, මුත්තෙට්ටුගල, හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත, කුරණ මීගමුව සහ කට්ටුව උප දුම්රිය ස්ථානය ද දුම්රිය නවත්තන්නෙ නැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.