හෙට සිට නවතින දුම්රිය වාර මෙන්න

Picture of අසංක

අසංක

කොළඹ කොටුව කොට්ඨාශයට නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් සියලු රාත්‍රි තැපැල් දුම්රිය නැවත දැනුම් දෙනතුරු අවලංගු කෙරේ.

සියලු දුර ගමන් සේවා දුම්රිය සහ නගරාන්තර සීඝ්‍ර ගාමී දුම්රිය ඔක්තෝබර් 26 දින සිට අවලංගු කර ඇත.

ප්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ,කැලණිවැලි මාර්ගයේ සියලු කාර්යාල දුම්රිය සහ මඟී දුම්රියන් ඔක්තෝබර් 26 දින සිට අවලංගු කෙරේ.

මුහුදුබඬ මාර්ගයේ ඔක්තෝබර් 26 සිට දුම්රිය ගමන් වාර 06ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියයන් කොල්ලුපිටිය දක්වා පමණක් ධාවනය වේ.