නවතම පුවත්

හෙල්මට් නැතුව බයික් පැද්ද මන්ත්‍රී සහ ගෝලයෝ අත්අඩංගුවට – පොලීසියටත් ප්‍රහාරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ යාපනය කෝපායි ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතිවූ නොසන්දුන් තත්වයක් පාලනය කිරීමට පොලීසියට අහසට වෙඩි තබා ගොස් පසුව ඊයේ අලුයම් කාලයේදී මෙහෙයුමක් දියත්කොට මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සමග මුලින්ම ගැටුමට මුල්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු සැගවී සිටින බව පොලීසිය කියයි.

පසුගියදා (3) චුන්නාකම් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඌරණි හීදී කළ මාර්ග ආරක්ෂක රාජකාරියේදී හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් පදවමින් සිටි මන්ත්‍රීවරයාව කොටුවි තිබේ.

එම රියදුරා මන්ත්‍රීවරයෙක් බව පොලීසිය දැන ඇත්තේ ඔහුව නතර කිරීමෙන් අනතුරුවය. ඊ.පී.ඩී.පී. යට සම්බන්ධ පුද්ගලයෙක් වන රියදුරාට දඩ පත්‍රිකාවක් ලබාදීමට සූදානම් වන අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග බහින්බස් වී ඇති බව පොලීසිය කියයි.

එම අවස්ථාවේදී ඔහුගේ ඥාතියෙක් බව සදහන් පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණ පොලීසිය සමග ගැටීමට පටන්ගෙන ඇති බවත් එම අවස්ථාවේදී තවත් පිරිසක් වටවී පොලිස් නිලධාරීන් දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමට පටන්ගෙන ඇති බවත් පොලීසිය කියයි. පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබමින් උපක්‍රමශීලීව පසු බැස ඇත්තේ එම අවස්ථාවේදී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්