කෙරෝනා වයිරස පොකුරක් අලුතින් වාර්තා වීමත් සමඟ හොංකොං හි සියලුම දේශසීමා විදේශිකයන් සඳහා වසා දැමීමට එරට බලධාරීහු පියවර ගෙන ඇත .
එසේම ලබන සැප්තැම්බර් මැද භාගය වනතෙක් අටදෙනකුට වඩා රැස්වීම ද තහනම් කිරීමටද එරට තීරණය කර ඇත .
කොරෝනා රෝගීන් 09 දෙනකුගෙන් යුත් නව පොකුරක් මෙසේ එරටින් වාර්තා වී ඇති අතර එම පොකුරේ පළමු ආසාදිතයා ලෙස හඳුනාගත් කාන්තාවට රෝගය වැළඳුනේ කෙසේද යන්න මෙතෙක්සොයාගැනීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ .