හොංකොං ක්‍රීඩකයන් 3කට ICCයෙන් ක්‍රිකට් තහනම්

Picture of අසංක

අසංක

හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම තහනමට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඩ් සහ නදීම් අහමඩ් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම ඔවුන්ට එල්ල වූ චෝදනාවයි.

ඉර්ෆාන් අහමඩ් ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන පනතේ වගන්ති 9ක් සහ නදීම් අහමඩ් වගන්ති 3ක් කඩ කර ඇතැයි චෝදනා එල්ල විය.

මේ අතර හොංකොං කණ්ඩායමේ හසීබ් අම්ජාඩ්ට වසර 5ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

වසර දෙකක කාලයක් තුළදී තරග පාවා දීම හෝ පාවා දීමට සැලසුම් කිරීම, තරග පාවාදීමට ලද යෝජනා සම්බන්ධයෙන් අනාවරණය නොකිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.