මාස දෙකක් පමණ තිස්සේ අඛණ්ඩ හොංකොං විරෝධයට හේතුවූ ආන්දොලනාත්මට පිටුවහල් කිරීමේ පනත ඉවත් කරගන්නා බව හොංකොං නායක කැරී ලාම් පවසා තිබේ.
පනත් කෙටුම්පතට අදාළ යෝජනාව පසුගිය අප්‍රේල් මාසයේ ගෙන ආවේ අපරාධකරුවන් චීනයේ ප්‍රධාන නගරයක් වෙත පිටුවහල් කිරීම අනුමත කිරීමට ඉඩලබාදෙමිනි.
ජුනි මාසයේදී මෙම පනත අත්හිටුවූව ද ඒය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් භාවිත නොකෙරුණි.
මෙම පනත මුළුමනිම් ඉවත් කිරීම විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් 5න් එකකි.
මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කැරී ලාම් පවසා තිබුණේ විරෝධය අතරතුර පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බවයි.