නවතම පුවත්

හොඳින් පිසූ මාළුවලින් කොරෝනා බෝවන බවට සාක්ෂි නෑ – සෞඛ්‍ය අංශ

අසංක

අසංක

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා විසින් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පරිභෝජනය සහ මත්ස්‍ය වෙළෙඳාම් කටයුතු සම්බන්ධයෙන් එමගින් කරුණු පැහැදිලි කෙරේ.

ඒ අනුව මත්ස්‍ය පරිභෝජනය පිළිබඳ පැතිරයන කටකතාවලට නොරැවටෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ජනතාවට අවධාරණය කරයි.

කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ටයක රැඳීතිබිය හැකිය යන සෛද්ධාන්තික පදනම මත මාළු පිසීම හෝ ගබඩාකිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ නොඅල්ලන ලෙසද උපදෙස් දෙයි.

ඉන්පසුව ඒ සඳහා භාවිත කළ උපකරණ සහ ඔබේ දෑත් හොඳින් සබන් යොදා සෝදාගන්නා ලෙසත් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පැහැදිලි කරයි.

පදනමකින් තොරව, මාළු වෙළෙඳාම් කරන ස්ථාන වසා දැමීමට අවශ්‍යතාවයක් නොමැති බවද එමගින් අවධාරණය කර ඇත.

ලබාදී ඇති සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් සේදීම සහ නිසිපරිදි මුහුණු ආවරණ පැළඳීම වැනි මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ඒවා පවත්වාගෙන යාහැකි බවද එහි සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්