නවතම පුවත්

“හොඳ පොහොර එනතෙක් නැවට එන්න දෙන්නෙත් නෑ සල්ලි දෙන්නෙත් නෑ” – කෘෂි ඇමති

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

චීනයේ සිට ආනයනය කර ඇති කාබනික පොහොර  මෙරට ප්‍රමිතීන්ට අනුකූලව රැගෙන එන තෙක් එම නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා අතරම මුදල් ගෙවීමක් ද සිදුනොකරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහතික වෙයි.

ඊයේ (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ,  “මට කියන්න තියෙන්නේ මම ඔබතුමන්ලාට සහතිකයක් දුන්නා ආණ්ඩුව හැටියට අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ නැවේ පොහොර සාම්පල ආයේ ටෙස්ට් කරන්නෙත් නෑ. මේ පොහොර නැවට මුදල් ගෙවන්නෙත් නෑ.  අපේ ටෙන්ඩර් එකේ ගිවිසුමට අනුව මේ අය නැවත ගිහින් හරි පොහොර ටික හදලා අපේ ෆර්සිෆිකේෂන් එක අනුව ආවොත් අපි පොහොර ටික ගන්නවා. අපි මුදල් ගෙවනවා. කතාව එතැනින් අවසානයි” යනුවෙනි.

මෙරට ජාතික ශාක නිරෝධායන මධ්‍යස්ථානය මගින් දෙවරක් එහි සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු අර්වීනියා නමැති අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වූ බැවින් එම නැව ප්‍රතික්ෂේප කිරීමට රජය කටයුතු කර තිබුණි. එසේ තිබියදී එම පොහොර සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ එම සාම්පල පරීක්ෂාව සැකසහිත බවත් දෙපාර්ශ්වයම එකඟ වන ආයතනයකින් එම පොහොර තොගයෙහි සාම්පල පරීක්ෂාවක් නැවත කළ යුතු බවත් ය. එහිදී බක්ටීරියා නොමැති බවට තහවුරු වුවහොත් වහාම මුදල් ගෙවා පොහොර තොගය ලබාගෙන පමණක් නොව එම පුවත් පළ කළ මෙරට මාධ්‍ය එම පුවත් නිවැරැදි කිරීමක ද යෙදිය යුතු බව නිවේදනයේ දැක්විණ. එපමණක් නොව, මෙම පොහොර නැව ප්‍රතික්ෂේප ක‍ළහොත් ඉදිරි චීන ආයෝජකයන් වෙත ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි බලපෑම්සහගත ලෙස කටයුතු කිරීමට එම සමාගම පියවර ගන්නා බවට ද නිවේදනයේ සඳහන් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්