1971 දී තරුණයින් ආයුධ සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා ප්රකාශ කර සිටී .
. “71ට අඩසියවසක් – හැරවුමක ඇරඹුමක් ” යන මැයෙන් අද කොළඹදී පැවති සම්මන්ත්රණයකදී විජේවීර මහථාඅ මේ බව පැවසීය
උවිඳු විජේවීර නායකත්වය දරන දෙවන පරපුර විසින් මෙම සම්මන්ත්රණය සංවිධානය කර තිබිණ
1971 සන්නද්ධ අරගලයට පනස් වසරක් පිරීම එහිදී සැමරුණු අතර අරගලයේදී දිවි පිදූ පිරිස සිහි කරමින් පුෂ්පෝහාර දැක්වීමක්ද එහිදී සිදුකෙරුණි.
, දෙවන පරපුරේ වෙබ් අඩවිය එළිදැක්වීමද එහිදී සිදුවිය
උවිඳු විජේවීර මහතා මෙහිදී වැඩිදුරටත් අදහස දක්වමින් මෙසේද පැවසීය
“රට ගැන තරුණයින් තුළ ඇති ආදරය අවදි කළ යුතුයි. බෙදුණු සියලු දෙනා එක තැනකට ගේනවා. ඇස් ඇරන් බලන් ඉන්න අපි යන මාර්ගය දිහා. ආයුධ සන්නද්ධ තරුණයෝ වෙනස කරන්න උත්සාහ කළා.
21 වන සියවසේ නූතන තරුණයා සමග වෙනස කරනවා. ටොයියෝ, බයියෝ, ජෙප්පෝ – එහෙම නැහැ. හැම පක්ෂයේම රට ගැන හිතන අය ඉන්නවා. හොඳ මිනිස්සු එකතු වෙලා හොඳ සමාජයක් හදමු. හොරුන්ට රෑටත්, දවල්ටත් හොරකමේ යන්න බැරිවෙන්න. මේක වමේ හෝ දකුණේ කොණට අරගෙන යන්නේ නැහැ. රට දිනවන හරි තැන හිටගන්න,”
සම්පූර්ණ සම්මන්ත්රණයේ වීඩියෝව –