නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන විත් විත් ඇති බවට සැක කරන රත්රන් කිලෝ 10ක් සමග සැකකරුවකු කල්පිටිය පහන්තුඩාව හන්දියේ දී අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
රන් බිස්කට් හරන් පටි ලෙස තිබූ මෙම රත්රන් තොගය සූක්ෂම ලෙස සඟවා තිබී ඇත්තේ මෝටර් රථයක ආසනය යට ය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි පුත්තලම කන්ද කුටිය පදිංචිකරුවෙකි.