නවතම පුවත්

හොරෙන් රැස්කර වැඩිමිලට විකුණන්න ගිය ඉන්ධන ලීටර් 60,000ක් අත්අඩංගුවට

අසංක

අසංක

දිවයින පුරා පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධනහල් වෙත ලබා දෙන ඉන්ධන විවිධ පුද්ගලයින් විසින් විවිධ ආකාරයෙන් රැස්කරමින් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් වාර්තා වූ පරිදි කරන ලද වැටලීම්වලින් ඉන්ධන ලීටර් 59,000ක් සොයාගෙන තිබේ.

ඒ අනුව දිවයින පුරා වැටලීම් 429 ක් පසුගිය කාලය තුල සිදු කර ඇත. එහිදී සැකකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම් මඟින් සඟවා තබා සොයා ගන්නා ලද පෙට්‍රල් ලීටර් 27,000 කට ආසන්න ප්‍රමාණයක්, ඩිසල් ලීටර් 22,000 කට ආසන්න ප්‍රමාණයක් හා භූමි තෙල් ලීටර් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙවැනි වංචනික ආකාරයට ඉන්ධන රැස් කර ගනිමින් වැඩි මිලට අලෙවි කරමින් ජාවාරම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් 118, 119 හා 1997 කෙටි දුරකථන අංක මඟින් මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලීසිය ජනතාවට දන්වයි.

තවද, මෙම ඉන්ධන වලට විවිධ ද්‍රව්‍ය කලවම් කොට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති අතර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ද සමඟ පොලිසිය මේ සම්බන්ධව වැටලීම් සිදු කරනු ලබයි.

මෙම වැටලීම් වලදී 1979 අංක 37 දරණ ඛණිජ තෙල් නිෂ්පාදන පාලනය හා සැපයුම් නියාමන පනත උපයෝගී කරගනිමින් කටයුතු සිදු කරන අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂඥ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය වී මෙම වැටලීම් සිදු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සිදු කරයි.

ඒ අනුව ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කරන අතර, මෙසේ නීති විරෝධී ඉන්ධන රැස්කිරීම, නිවෙස් වල ගබඩා කිරීම අනතුරුදායක විය හැක. එහිදී සුලු අත්වැරදීමක් හේතුවෙන් ඔබටත් ඔබගේ අසල්වැසි නිවෙස්වල පුද්ගලයින් ට අනතුරු සිදු විය හැක. එසේම ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමෙන්, ගබඩා කිරීමෙන් වලකින ලෙස පොලිසිය සියළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්