ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව අධිකරණ මගින් මෙතෙක් ලබාදුන් රුපියල් 5000 දඩ මුදල රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමට අධිකරණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.
ව්‍යාජ වෛද්‍යවරුන් වාර්තා වීම ඉහළ යාමත් සමග එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එකී චෝදනාවන්ට වරදකරුවන් වන පුද්ගලයන්ට ලබාදුන් දඬුවම් මෙසේ සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමු කර ඇත.
වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින මෙම ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව රුපියල් 50,000ක දඩයට අමතරව වසර 5ක සිරදඬුවමක් ද නියම කෙරෙන පරිදි නීති සම්පාදනය කර ඇත.