නවතම පුවත්

තුර්කි ත්‍රස්තයන් මෙරටට ආ රහස් තොරතුර ගැන කිසිදු විමර්ශනයක් කර නෑ – කොමිසමේ දී එළියට

අසංක

අසංක

තුර්කියේ ත්‍රස්ත ත්‍රස්ත සංවිධානයක් වන ෆේටෝ සංවිධානයේ සාමාජිකයන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇතැයි ඔවුන්ගේ සියලු තොරතුරු සහිතව තුර්කියේ මෙරට තානාපති විසින් ලබාදුන් තොරතුරක් සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනපති කොමිසම හමුවේ අද අනාවරණය විය.

එම තොරතුර සඳහන් ලිපිය 2016 අගෝස්තු 12 වෙනිදා තුර්කි තානාපති කුංජා මහතා විසින් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කරන ලද අතර එම රහස් ලිපිය අමාත්‍යාංශය විසින් එම වසරේ අගෝස්තු 24වැනිදා නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කර තිබෙන බවද කොමිසමේ දී හෙළිවිය.

එම ලිපිය 2016 අගෝස්තු 24 වැනි දා නීතිය හා සාමය අමාත්‍යාංශයට ලැබී ඇති බව තහවුරු වී තිබේ.

එකල නීතිය හා සාමය අමාත්‍යාංශයේ පොලිස් අංශය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ මාලිකා ශ්‍රීමතී පිරිස් මහත්මියයි.

නිසි ක්‍රමවේදයට අනුව එම ලිපිය ඇය වෙත යොමුකර ඇය හරහා පොලිස්පතිවරයාට යොමු යොමුකොට අවශ්‍ය පියවර ගත යුතු වුවත් සිදු ව ඇත්තේ පොලිස්පති හා අමාත්‍යාංශය අමාත්‍යාංශය සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ රාජකාරි කළ ජේෂ්ඨ පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එම ලිපිය යොමුකර තිබීම ය.

අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් එම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවත් ඔහු විසින් එය රාජ්‍ය බුද්ධි අංශ සේවයට යොමු කර ඇති බවත් අනාවරණය විය.

පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් කිසිදු ආයතනයකින් ගෙන නැතැයි කොමිසමේ දී වැඩිදුරටත් හෙළිවිය.

මේ වන විට නීතිය හා සාමය අමාත්‍යාංශයේ පොලිසිය භාර අතිරේක ලේකම්වරිය ලෙස සේවය කරනු ලබන්නේ මාලිකා පීරිස් මහත්මියයි.

ඇය සඳහන් කරනු ලැබුවේ කොමිසම විසින් එම ලිපිය ගැන තමාගෙන් විමසනතුරු එවැනි ලිපියක් ගැන කිසිවක් තමා දැන නොසිටි බවයි.

පොලිස්පතිවරයාට යොමු කරන ලද එම ලිපියේ පිටපත තමාට සොයා ගැනීමට සොයා ගැනීමට හැකිවූයේ ද ආරක්ෂක අමාත්‍යාංශයේ ඇති 118 හදිසි ඇමතුම් ඒකකය තිබියදී බව ද ඇය පැවසීය.

අදාල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරුවක් ලබා පිටව යන විට එම ලේඛන තුළ ලේඛන ගොනුවක් අදාළ ලේඛනයට ලබාදී පිටව ගොස් තිබෙන බවද ඇය සඳහන් කළාය.

නියමිත කාර්යාල ක්‍රමවේදය අනුගමනය කළේ නම් මෙවැනි ගැටලුවක් ඇති නොවන බව ද ඇය අවධාරණය කළාය.

අඩු තරමින් මෙම ලිපියට කුමක් වූයේදැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ පවා පසු විපරමක් නොකළ බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්