ඉෂාර රත්නකාර
වෙසක් දිනවල නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු නිලධාරීන් 1200ක් රටපුරා යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි
වෙසකු් සතිය නිමිත්තෙන් ඊයේ සිට ලබන 20 වැනිදා දක්වා සියලුම සුරාසල් වසා දැමීමට රජය තීරණය කර තිබුණි.
එලෙස වසා දමා ඇති මත්පැන් අලෙවිසල්වලින් යම්කිසි පුද්ගලයකු වෙත මත්පැන් අලෙවි කරන්නේ නම් එම වෙළෙඳසල්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.