නවතම පුවත්

ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව ඉශලළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවූ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටී

එසේම  වයස අවුරුදු 16ත් 18ත් අතර ළමයින්ද  ඔවුන්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට,සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන්හී පමණක්  යෙදවිය හැකි යැයිද  එම අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටී.

එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි නිරත කළ නොහැකි බව ද සභාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම ළමයින් ව සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ වසර 5ක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කළ හැකි බව ද සභාපතිවරයා නිකුත් කල නිවේදනයක දැක්වේ

දරුවන්ව වීථී වෙළෙඳාමේ යෙදවීම, ඔවුන් ලවා සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදුකොට මුදල් ඉපයීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණීම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම ආදිය අපරාධ නීතිය යටතේ වරදක් වන බව ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් එයද අපරාධ නීතිය යටතේ වරදක් බව ඔහු නිවේදනය කර ඇත.

ඕනෑම ස්ථානයක වයස අවුරුදු 16ට අඩු ළමයෙකු ශ්‍රමිකයෙකු ලෙස යොදාගන්නා බව හෝ අවුරුදු 16ත් 18ත් අතර ළමයින් අනතුරුදායී හා අනාරක්ෂිත රැකියාවන්හී යෝදවන බව ඔබට දැකගැනීමට ලැබේනම් ඒ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට හෝ 1929 ළමා ආරක්ෂක යෙදවුමට (1929 Child Protection app ) දැනුම්දෙන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්