නවතම පුවත්

ළමා නිවාසවල ළමුන් 11,000කගේ ආරක්ෂාව අනතුරේ

අසංක

අසංක

රටේ ළමා නිවාස 400 ක සිටින ළමුන් 11,500 කගේ පමණ ආරක්ෂාව අවදානමට ලක්ව ඇති බව පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පෙන්වාදේ.

රටේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ළමා නිවාසවල පදිංචිව සිටින ළමුන් සඳහා විවිධ ආයතන සහ පරිත්‍යාගශීලීන් විවිධ ආකාරයේ ආධාර ලබා දීම අගය කළ යුතු නමුත් මෙසේ විශාල වශයෙන් පිටස්තර පුද්ගලයින් මෙම දරුවන්ගේ නිවෙස්වලට ඇතුළු වුවහොත් එය දරුවන්ට අවදානමක් විය හැකි බව පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

විශේෂයෙන්ම උසාවි නියෝග මත ළමා නිවෙස්වලට ඇතුළත් කර ඇති දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානායක යොමුකළ යුතු බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ඇතැම් පුද්ගලයින් සහ මාධ්‍ය ආයතන දරුවන්ට ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ලබා දී, ඔවුන්ගේ ප්‍රකාශ සහ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ ගන්නා බවත් මෙය දරුවන්ගේ ආරක්ෂාවට බලපාන අතර ඔවුන්ගේ මානසික තත්ත්වය සහ ආත්ම අභිමානයටද හානියක් බව ”පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ඒ අනුව මෙම ළමුන්ට සෘජුවම ආහාර භාර නොදෙන ලෙසත්, ඔවුන්ගේ යෝජනා, අදහස් හෝ ඡායාරූප ලබා ගැනීමෙන් වළකින ලෙසත්, ආධාරයක් ලබා දීමට පෙර ළමා නිවාසය පිහිටා ඇති ප්‍රදේශයේ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා පළාත් කොමසාරිස්වරයාට දන්වන ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්