ළමා මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ .
එම අංකය 011 2 433 333.වේ.
මේ අතර ළමුන් මෙහෙකාර සේවයේ යොදවා සිටින බස්නාහිර පළාතේ ස්ථාන සොයා පොලීසිය ඊයේ සිට මෙහෙයුම් ආරම්භ කර ඇත
ඒ යටතේ මෝදර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්ථාන 30 ක් ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට පැවසීය