ළමුන් 200ට අඩු පළාත් පාසල් ලබන 21 දා ඇරේ

Picture of අසංක

අසංක

පළාත් සභා යටතේ පාලනය වන සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යාපන කටයුතු සදහා ඔක්තෝබර් 21 වනදා සිට විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරු තීරණය කර තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා මෙයට පෙර සැළසුම්කර තිබුණේ 18 වෙනිදාට ඌව පළාත් සබාවට අයත් 200 ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය.

ඒ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තීන්දුවක් ගෙන තිබුණේ 21 වෙනිදාට 200 ට අඩු ළමුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය.

ඒ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සියළුම පළාත් පාසල්වල ප්‍රාථමික අංශ 21 වෙනිදා විවෘත කිරීමට පොදු එකඟතාවක් ඇති විය.