නවතම පුවත්

ළමුන් 2200ක්,දෙමාපියන් අතින්ම හිංසනයට ලක්වෙලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වසර තුළ පමණක් ළමා හිංසන පිළිබඳ පැමිණිලි 3,373ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය” වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එම අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ අවුරුදු 5ට අඩු දරුවන් හිංසනයට ලක්වීමේ සිද්ධීන් 598ක් පසුගිය වසර තුළ වාර්තා වී ඇති බවය.

දරුවන් පියා අතින් හිංසනයට ලක්වූ සිදුවීම් 1,342ක්, මව අතින් හිංසනයට ලක්වීමේ සිදුවීම් 718ක් සහ මව පියා යන දෙදෙනාගේම හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 191ක් ලැබී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 98ක් සහ භාරකරුවන්ගේ අතින් හිංසනයට ලක්වූ දරුවන් පිළිබඳ පැමිණිලි 64ක් ද පසුගිය වසර තුළ සිය අධිකාරිය වෙත ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

ළමුන් ආරක්ෂා කිරීමේ වගකීම්දරන මව්පියන්, භාරකරුවන් සහ වගකියුතු සෙසු පිරිස් අතින් ළමුන් හිංසනයට ලක්විම ඛේදවාචකයක් බව පෙන්වාදෙන සභාපතිවරයා පවසන්නේ ළමා හිංසන වැළැක්වීම සඳහා සියලු පාර්ශව වඩා සංවේදීව කඩිනමින් කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්