ෆයිසර්‌ එන්නත් මිලදීගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි

Picture of අසංක

අසංක

කොවිඩ් වසංගතය මර්දනය උදෙසා ෆයිසර් එන්නත මිලදීගත් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

” අද උදෑසන ලද එම සුබ ආරංචිය ලැබුණු අතර සෑම ශ්‍රී ලාංකිකයකුටම කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා මගේ රජය විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව මම ආඩම්බර වෙමි.” යනුවෙන් හෙතෙම සඳහන්‌ කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා කොවිඩ් මර්දන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වේ.

Pfizer එන්නත් මාත්‍රා 26000ක පළමු තොගය අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් මිලදී ගත් එන්නත් තොගයකි.