ෆේස්බුක් වැනි සමාජ ජාල හා අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් හඳුනාගෙන මිතුරු වී මුදල් කොල්ලකන ජාවාරමක් පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.
නාඳුනන පුද්ගලයන් හා දිනුම් ඇදීම් වැනි කෙටිපණිවිඩ ආදියට ප්‍රතිචාර නොදක්වන ලෙසත් එවැනි ජාවාරම්වලට හසුනොවන ලෙසත් පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
