ෆේස්බුක් පළවන කොරෝනා ගැන අසත්‍ය post ඉවත් කරයි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණුපොතේ පළවන අසත්‍ය තොරතුරු මෙන්ම ව්‍යාජ වීඩියෝ ජයාරූප වහා ඉවත්කිරීමට ‍ෆේස්බුක් සමාගම සැලසුම් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අධිකාරීන්හි මෙහෙයවීම සහ උපදෙස් මත මෙම සැලසුම ක්‍රියාත්මක කරන බවද ෆේස් බුක් සමාගම සඳහන් කර ඇත.

කොරෝනා වෛරසය සම්භන්ධව අසත්‍ය තොරතුරු රැල්ලක් ව්‍යාප්තවෙමින් ඇති බවත් එය ලෝක සෞඛ්‍ය සම්බන්ධයෙන් අර්බුධකාරී තත්වයක් නිර්මාණය කරන බවක් පෙනෙන්නට ඇති බවත් සමාගම සඳහන් කර සිටී.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පවතින ව්‍යාපෘති සඳහා ද නොමිලේ ප්‍රචාරණයක් ලබාදෙමින් සහය දක්වන බවද ෆේස්බුක් සමාගම වැඩිදුරටත් කියාසිටියි.