නවතම පුවත්

‍කොවිඩ් නම් පොදු සතුරා පරදන එකම මැජික් විසදුම ගැන චීනය කී දේ

අසංක

අසංක

ලෝකයේම පොදු සතුරා බවට පත්ව ඇති කොවිඩ් පරාජය කිරීමට ඇති එකම මැජික් විසදුම වන්නේ හැකිතාක් එන්නත ලොව පුරා රටවල් බෙදාගැනීම බව චීනය පවසයි.

චීනය විසින් නිෂ්පාදනය කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක පරිිත්‍යාගයක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ වෙසක් පොහොය යෙදී ඇති අද වැනි සුබ දිනෙක මෙය ගෙන්වීමට හැකිවීම පිළිබද ඔවුන් සතුටට පත්වන බවයි.

පෙර එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබූ අතර අසීරු අවස්ථාවේදී මෙලෙස ඉක්මනින් එන්නත් ලබා දිම ගැන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතතා ද සිය ස්තූතිය පලකර තිබේ.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

“අවශ්‍ය අවස්ථාවක සිටින මිතුරා සැබවින්ම මිතුරෙකි

ආයුබෝවන් වනක්කම්

චීන ජනතාව ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාගයක් ලෙස පිරිනැමූ ෆිසිනෝ පාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් මාර්තු 31 වැනි දින අපි ඒකාබද්ධව සාදරයෙන් පිළිගනිමු. අද දිනයේ නවතම ආධාර නැවත වරක් ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු ශ්‍රී ලංකාව සඳහා තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් වන එම පරිත්‍යාගය covid-19 ට එරෙහිව සටන් කිරීමේ දී ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරමු.

කොවිඩ් අපගේ පොදු සතුරාය. ගෝලීය සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩනැඟීම අපගේ පොදු ඉලක්කයයි වසංගතයට එරෙහිව සටන් කරන වඩාත්ම බලවත්ම ආයුධ වන්නේ එක්සත්කම සහ සහයෝගිතාවය වන අතර අවසානයේ වසංගතය පරාජය කිරීමට ඇති එකම මැජික් විසඳුම එන්නත බෙදා ගැනීමයි .

මැයි 21 වනදා පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජිංපිං මහතා ප්‍රකාශ කළේ චීනය මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආධාර ලබාදී ඇති බවයි. රටවල් 80 ක් සඳහා සඳහා නොමිලේ එන්නත් ලබා දෙන අතර තවත් රටවල් 43 චීනයෙන් ආනයනය කරමින් සිටී. covid- 19 ට එරෙහි ගෝලීය සහයෝගීතාව සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙමින් චීනය ඉදිරි වසර 3 තුළ අතිරේක වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක ජාත්‍යන්තර ආධාර ලබාදෙනු ඇත. හැකි උපරිමයෙන් වැඩි එන්නත් ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට තාක්ෂණය හුවමාරු කරමින් ඔවුන් සමග ඒකාබද්ධ නිෂ්පාදනයන් සිදුකිරීම සඳහා තම එන්නත් සමාගම්වලට චීනය සහාය වනු ඇත.

අපේ 27 වන දින පැවති වීඩියෝ රැස්වීමේදී චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වන්ග් යි, මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තාන විදේශ ඇමතිවරු covid- 19 ට එරෙහි එරෙහි ව ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සඳහා වැදගත් සම්මුතීන්ට එළඹුණු අතර ස්ථිර ප්‍රතිඵල ප්‍රතිඵළ රැසක් අත්කර ගත්හ. වසංගත හා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අද එන්නත පැමිණීම ඔවුන්ගේ එකඟතාවයන් හි ප්‍රතිඵලයකි.

වසංගතය පැතිර ගිය දා සිට චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය ලබා දී ඇති අතර අපගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය නව තලයකට ඔසවා තබා ඇත.

හොඳ අසල්වැසියෙකු ලෙස හොඳ මිතුරකු සහ හොද සහකරුවකු ලෙස අතීත වර්තමාන හා අනාගතය කවරක් වුවත් ශ්‍රී ලංකාවට යමක් ප්‍රයෝජනවත් වන අවස්ථාවක කිසිවිටෙකත් මග හැර නොයනු ඇත. ඇතැම් කාර්යයන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තාක් චීනය කිරීමට පසුබට නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සඳහා කැපවීම් දක්වන සියලු දෙනාටම මාගේ හෘදයාංගම ඇගයීම ප්‍රකාශ කිරීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. නුදුරු කාලයේදීම ශ්‍රී ලංකාවට වසංගතයෙන් ජය ගැනීමට හැකි වෙතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි. ඔබට ස්තූතියි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්