නවතම පුවත්

මහින්දයීයකු සතු ලංකාවේ නවීනතම තේ කම්හල

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකේය තේ කර්මාන්ත කේෂත්‍රයේ නව පිටුවක් පෙරලන මැක්සිම්ස් හෝල්ඩින්ග්ස්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI)අනුමත ලොව නවීනතම තාක්ෂණය රැගත් අන්තර්ජාතික ප්‍රමිතියේ තේ කර්මාන්ත ශාලා සංකීර්ණය පසුගියදා විවෘත කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරු මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තෝ ලෙස එක්ව සිටියහ.

රුපියල් බිලියන 2 ක මුදලක් අයෝජනය කරමින් විවෘත කෙරෙන මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් ලොව දියුණුම තාක්ෂණයෙන් සැදුම්ලත් මෙරට නවීනතම තේ කර්මාන්ත ශාලාව, පරිගණකගත නවීන ගබඩා සංකීර්ණය සහ නව්‍යතාවයෙන් යුතු කාර්යාල සංකීර්ණයකින් යුක්තය.

අක්කර 4.5 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදෙන මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් කර්මාන්ත ශාලා සංකීර්ණය මුල්ලේරියාව,අඹතලේ මාර්ගයේ අංක 286D ස්ථානයේ පිහිටා ඇත.

තේ අපනයනයනය, ප්‍රවර්ධනය, විවේක පහසුකම් හා සේවක සේවිකාවන් සදහා උසස් සෞඛ්‍ය සේවාවලින් සමන්විත මැක්සිම්ස් හෝල්ඩින්ග්ස්හි වර්ග අඩි 65000ක පරිගණක ගත රාක්ක සහිත තේ ගබඩා පහසුකම් තිබේ.

අඩි 40 භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් රථවලට පහසුවෙන් ළගාවිය හැකි මෙම නව කර්මාන්තශාලා පරිශ්‍රය එම රථ ගාල්කර තැබීමේ පහසුකම්වලින්ද සමන්විතය.

අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු යන්ත්‍රානුසාරයෙන් තේ සැකසීම,ඇසුරුම් (Tea Bags) නිෂ්පාදනය කිරීම, ඇතුළු නව තාක්ෂණික හැකියාවන් රැසකින් අනූන මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් ISO 22000:2005, HACCP සහ GMP තත්ත්ව සහතිකයන්ගෙන් සැදුම්ලත්ය.

මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සදහා උසස් මට්ටමේ තේ කුඩුඇසුරුම්කරදීමට (Tea Bagging Facilities)බලාපොරොත්තුවේ.

මේ දක්වා දේශිය හා විදේශිය සම්මානයට පාත්‍රවන යුරො ඒෂියා (Euro Asia) තේ සන්නාමය මැක්සිම්ස් හෝල්ඩින්ග්ස්හි අනු ආයතනයක් ලෙස මෙරට තේ අපනයන කේෂත්‍රයට නව වටිනාකම් රැසක් එක්කර තිබේ.

ශ්‍රි ලංකා ජාතික අපනයන වාණිජ මණ්ඩලය (NCE) පවත්වන අපනයන සම්මාන උළෙලේදී දෙවසරක්ම “විශිෂ්ටතම වෙළද නාමය”ලෙස සම්මානයට පාත්‍ර වු යුරො ඒෂියා, 2012 වසරේදී හොංකොං අන්තර්ජාතික වෙළද  ප්‍රදර්ශනයේදී ආසියාවේ විශිෂ්ටතම තේ සන්නාමය ඇතුළු සම්මාන හා ඇගයීම් රැසකින් පිදුම් ලබා ඇත.

මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් සහ මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති, රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති හා ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්වුහ.

ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යකුවන වෛද්‍ය සමන් වීරසිංහ මේ වනවිට විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නායක සංගමයේ අනුශාසකවරයකු ලෙසද කටයුතු කරයි.  

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්