12ට වැඩි ළමුන්ට,සිකුරාදා සිට කොවිඩ් එන්නත!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහ නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ලබන සිකුරාදා සිට ආරම්භ කෙරෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටී .

එහි සමාරම්භක වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කෙරෙන බවද   පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා අද  කියා සිටියේය .

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ පැවැති දෝෂ සහ එය යථාතත්ත්වයට පත් කරන ලෙස තමන් අවස්ථා 02 කදී එම අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . ඒ, අදාළ දත්ත පද්ධතියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය