නවතම පුවත්

ණය පිට ණය මැද චීනයෙන් ශ‍්‍රී ලංකාවට තවත් ණයක්

අසංක

අසංක

චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා රජය වෙත අනුමැතිය හිමිව තිබේ.

ඒ මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සදහායි.

ශ‍්‍රී ලංකාව මෙම ණය මුදල ලබාගැනීමට කටයුතු කර ඇත්තේ මේ වසරේදී විදේශ ණය වෙනුවෙන් ඩොලර් බිලියන 5.9ක් ගෙවීමට තිබියදීයි.

මෙරටට වැඩිම විදේශ ණය මුදලක් හිමිව ඇත්තේ චීනයෙනි.

මහාද්වීප යා කෙරෙන වෙළෙද මාර්ගයේ ප‍්‍රධානතම මධ්‍යස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීමට හා මෙරට යටිතල පහසුකම් ගොඩැංවීම උදෙසා මෙලෙස චීනය දිගින් දිගටම ණය ලබාදෙමින් සිටියි.

වත්මන් රජය බලයට පැමිණීමේදී හා බලයට පත්වූ මුල් කාලයේදී පෙර පැවති පාලනය දෝෂ දර්ෂනයට ලක්කිරීමට එක් හේතුවක් වූයේ ද චීනයෙන් ලබාගත් ණය ගොන්න ය.
එහෙත් උග‍්‍ර වී ඇති ආර්ථිකමය ආතතියෙන් තරමක හෝ සහනයක් ලබාගැනීම ස`දහා අවසානයේ දී වත්මන් රජය ද චීනයේ ආධාර පැතීමට කටයුතු කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්