නවතම පුවත්

පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා පොලීසියට

අසංක

අසංක

එංගලන්තයේ වූස්ටන්හි පැවැති 6වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණඩායම හිමිකරගෙන තිබේ.

ඒ බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ආසියානු ක්‍රිකට් කණ්ඩායමක් ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

කැනඩාව, අයර්ලන්තය, එංගලන්තය ආදි රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් ඊට සහභාගි විය.

පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නේය.

ලෝක පොලිස් ක්‍රිකට් කුසලානය දිනාගත් ජයග්‍රාහී කණඩායම ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්