නවතම පුවත්

වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇරඹෙන ලකුණු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ස්පාඤ්ඤය ආදී යුරෝපීය රාජ්‍යයන් විසින් වෙනිසියුලාව තුළ කඩිනම් මැතිවරණයක් පවත්වන ලෙස ලබාදී තිබූ කඩඉම් කාලය අවසන් වීමත් සමග, ගුආයිදෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් කටයුතු කර තිබේ.

ඒ අනුව, අද (05දා) බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය විසින් ගුආයිදෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙස නිල වශයෙන් පිළිගන්නා ලද අතර, ප්‍රංශ විදේශ අමාත්‍යවරයා කියා තිබුණ් ගුආයිදෝට ජනපති මැතිවරණයක් කැඳවීමේ නෛතික බලයක් පවතින බවය.

මේ අතර, බලයෙන් ඉවත්වන ලෙස තමාට කෙරෙන බලපෑම් හමුවේ වෙනිසියුලාව සිවිල් යුද්ධයක් කරා යොමුවීමේ හැකියාව ඉවත දැමිය නොහැකි බව වෙනිසියුලානු ජනපති නිකොලාස් මදුරෝ රූපවාහිනී සාකච්ඡාවකදී පවසා තිබුණි.

එමෙන්ම, වෙනිසියුලා අර්බුදය වෙත අත පෙවීමට ට්‍රම්ප් කටයුතු කළහොත්, ඔහුට ලේ තැවරුණු අත්වලින් යුතුව ධවල මන්දිරයෙන් ඉවත්ව යෑමට සිදුවන බවද කී ඔහු, වෙනිසියුලාව තුළ ක්ෂණිකව මැතිවරණයක් කැඳවන ලෙස යුරෝපා සංගමය විසින් ලබාදී තිබූ කඩඉම් කාලයද එකහෙලා බැහැර කර තිබුණි.

වෙනිසියුලාවේ වත්මන් විපක්ෂ නායක ජුආන් ගුආයිදෝ විසින් පසුගිය මාසයේදී තමන් රටේ අන්තර්වාර ජනපති ලෙස ප්‍රකාශ කළ අතර, ඔහුට ඇමෙරිකාව ප්‍රමුඛ රාජ්‍යයන් 20ක පමණ සහාය ලැබීමත් සමග වෙනිසියුලාවේ මෙම දේශපාලන අර්බුදය පැන නැඟුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්