නවතම පුවත්

“13ත් ඕනෑ – පළාත් ඡන්දයත් ඕනෑ” ඉන්දියාව ජිනීවාහිදී ලංකා රජයට කියයි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි ඉන්දීය අවධාරණය කර සිටී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා පෙරේදා (23) එම ප්‍රකාශය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පසුගිය මාසයේ දී ආරම්භ වූ අතර එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) පැවැත්විණි.
එහිදි අදහස් දැක්වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ කීය.
“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ඇතුළත් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, ඵලදායී ජාත්‍යන්තර සංවාද සහ සහයෝගීතාව පවත්වා ගැනීම සෑම රාජ්‍යයකම මූලික වගකීම යැයි ඉන්දියාව විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ආසන්නතම අසල්වාසියෙක්. ඉන්දියාව 2009 වසරේ සිට ශ්‍රී ලංකාවට සහන ලබා දී තිබෙනවා. එමෙන්ම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ද ඉන්දීය, ශ්‍රී ලංකාවට සහාය ලබා දී තිබෙනවා.
අපි ශ්‍රී ලංකාවට සංවර්ධන සහාය ලබාදීමේ දී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථිකය පුනර්ජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.”
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්