නවතම පුවත්

13න් එහා ගිය බලය බෙදීමක් ඕනේ – මුස්ලිම් , දෙමළ පක්‍ෂ රජයට බල කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පළාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම පවත්වන ලෙසත් ,13වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ලබාදෙන ලෙසත් රජයට බල කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසයි.

අද (12) පැවති දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතයන්ගේ සාකච්ඡාවෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

දෙමළ බස මව් භාෂාව කරගත් ජනතාව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් අද ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහි අවසන් එකඟතා ලබන 21 වැනිදා රටට හෙළිකිරීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා,මෙහිදී මෙසේද පැවසීය

“රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය ගැන අපි කනස්සල්ලෙන් හා පිළිකුලෙන් බලන් ඉන්නවා.නව ව්‍යවස්ථාවක් ගේන්න පොරොන්දු වුණා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මැතිවරණයක් තියලා අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රියාත්මකවීම වැදගත්. 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමක් අපේ ඉලක්කවලින් අපි ඉවත් වී නැහැ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්